මොකක්ද WordPress කියන්නෙ? සිංහලෙන් – Beginner Level Full Tutorial Sinhala – Intro Hosting & Domain

by | Mar 7, 2022 | 0 comments

මොකක්ද WordPress කියන්නෙ? සිංහලෙන් – Beginner Level Full Tutorial Sinhala – Intro Hosting & Domain

by | Mar 7, 2022 | Free Wordpress Plugins | 0 comments



#wordpress_sinhala #wordpress_lanka #wordpress

Contact Us :

[email protected]
[email protected]

Our websites :

Our Latest Video List :

How to create autopilot blog using WordPress –

Best & Cheapest Hosting –

SEO සදහා නැතිවම බැරි SEOTOOLZ.org –

How to install SEO Friendly WordPress in cPanel –

WordPress full Sinhala Tutorial 01 –

WordPress full Sinhala Tutorial 02 –

WordPress full Sinhala Tutorial 03 –

Description :

WordPress යනු ලොව හොදම වෙබ් අඩවි නිර්මාණය කරන අතුරු මුහුණතක් හෙවත් CMS (Content Management System) එකකි. ඉතින් අද අපි මේ ලිපියෙන් කතා කිරීමට බලාපොරොත්තු වන්නේ ලොව ඉතාම ජනප්‍රිය WordPress මගින් ඉතාම උසස් ගණයේ වෙබ් අඩවියක් නිර්මාණය කරන ආකාරය පිළිබඳවයි. වැදගත්ම කාරණය වන්නේ මේ සදහා කිසිම HTML, CSS හෝ වෙනත් වෙබ් අඩවි නිර්මාණය කරන භාෂා පිළිබඳව දැනීමක් අවශ්‍ය නොවීමයි. පැය කීපයක් ඇතුලත් ඉතාම සුපිරි ගණයේ වෙබ් අඩවියක් හෝ බ්ලොග් අඩවියක් මෙමගින් නිර්මාණය කරලීම කල හැකිය.

ඉතින් බ්ලොග් අඩවියක් නිර්මාණය කර එමගින් මුදල් ඉපයීමට ඔබත් බලාපොරොත්තු වෙන කෙනෙක්නම් ඒ සදහා අප නිසැකවම නිර්දේශ කරනුයේ WordPress ය.

ලංකාවේ වගේම ලෝකෙ අලුතින් බ්ලොග් අඩවි කරන බොහෝ දෙනා තමන්ගේ මුල්ම බ්ලොග් අඩවිය පටන් ගන්නෙ Blogger.com හෝ එහෙමත් නැතිනම් WordPress.com තුළය. නමුත් මේවා තුළ ඔබට ලැබෙන පහසුකම් ඉතා සීමිතය. වෘත්තීය බවින් ඉතාම අවමය. ඒ නිසා ඒවා මගින් මුදල් ඉපයීමද කළ හැක්කේ ඉතාම සීමා සහිතවය. WordPress.com තුළ නම් ඔබට Paid Plan සමග සියලු පහසුකම් සහිතව Blogging සදහා ඉඩකඩ ඇතිමුත් ඒවායේ මිල ගණන් ඉතාම වැඩි නිසා එය උත්සහ නොකරන්න. ඔබ කළ යුත්තේ අලුතින් Domain නාමයක් හා Hosting Package එකක් තෝරාගෙන ඒ තුළ WordPress Install කර ඔබට අවශ්‍ය වෙබ් අඩවිය හෝ බ්ලොග් අඩවිය ආරම්භ කිරීමයි. මෙය සිදුකරන ආකාරය පිළිබදව පියවරෙන් පියවර විස්තර ගෙන ඒමට අප මේ ලිපිය තුළින් උත්සහ කරන්නෙමු.

ඔබට වෙබ් අඩවියක් හෝ බ්ලොග් අඩවියක් ආරම්භ කිරීමට හොද Niche එකක් දැනටමත් තිබේනම් කිසිම Coding දැනීමකින් තොරව WordPress Website එකක් හෝ WordPress Blog එකක් පටන් ගැනීමට පුලුවන. නමුත් මේ සදහා ඔබ යම්කිසි මුදලක් වියදම් කිරීම අනිවාර්‍ය වේ. එනම් Domain නාමයක් ලියාපදිංචි කරලීමට හා Web Hosting පැකේජයක් මිලදි ගැනීම යන අනිවාර්‍ය වියදම් සදහායි.

සාමාන්‍යයෙන් මේ සදහා රුපියල් 5000 ක් වැනි මුදලක් වැය කරලීම අනිවාර්‍ය වේ. Domain හා Hosting තෝරා ගන්නා වෙබ් අඩවි හා ඔබ ගන්නා පැකේජ වල තිබෙන පහසුකම් අනුව මෙම මුදල අඩු වීම හෝ වැඩි වීම සිදුවනු ඇත.

ඔබ කුමන ආකාරයේ වෙබ් අඩවියක් පටන් ගත්තත් මේ මූලික වියදම දැරීමට ඔබට සිදුවනු ඇත. මෙකී මුදල වැඩි නිසාම ලංකාවෙ බ්ලොග් කරන බොහෝ දෙනෙක් Free Platform වලට යොමුවනවා දැකිය හැකිය. ඒවායේ ඇති අවාසිය නම් ඔබ බ්ලොග් එකෙන් දෙන තොරතුරු එය කියවන්නන්ගේ විශ්වාසය ඇති නොකිරීමයි. එසේම එවැනි Free වෙබ් අඩවිවලට Advertisement දෙන්නට කිසිම සමාගමක් කැමති නැත. හොදම උදාහරණය නම් Google Adsense පවා මෙවැනි Free Platform දැන් දැන් අනුමත නොකරමින් පවතී. ඔබ වෙබ් අඩවියකින් මුදල් ඉපයීම හෝ කිසියම් ප්‍රතිලාභයක් අපේක්ෂා කරන්නේ නම් අර කී මුදල ආයෝජනය කර වෘත්තීය මට්ටමේ WordPress වෙබ් අඩවියකට මාරු වීම අනිවාර්‍ය වේ.

එසේම WordPress වෙබ් අඩවි SEO කරලීමද ඉතාම පහසුය. SEO වලින් වැඩි ප්‍රතිලාභ අපේක්ෂා කරන කෙනෙක්ටනම් WordPress යනු සුපිරි අවියකි. SEO සදහා අවශ්‍ය Plugin රාශියක් මෙහි තුළ අන්තර්ගත වේ. මේ පිළිබඳව ඉදිරි ලිපිවලින් වැඩිදුර තොරතුරු ගෙන ඒමට අප සූදානම්.

පියවර 1: Domain නාමයක් Register කරලීම
පියවර 2: Web Hosting මිලදී ගැනීම
පියවර 3: Nameservers ලබාදී Domain නාමය හා Web Hosting පැකේජය සම්බන්ධ කරලීම
පියවර 4: WordPress Install කිරීම
පියවර 5: WordPress Dashboard එකට Log වීම

Intro – 0:00
Introduction – 0:15
Hosting & Domain – 3:00
Nameservers – 10:22
WordPress Admin Panel – 11:38

source